කෙලවී ගිය ලාංකිය සිනමාවට කෙලවෙලාම ගියේ ජාතක කතා හා ජාතික කතා නිසාය.

ඒවා ආර්ථික අතින් සාර්ථක වූවද, එහි සිනමාවක් තිබුනේ නැත. ඩොකියුමෙන්ට්‍රි හෙවත් වාර්ථා චිත්‍රපට කියන්නේ එකක්‍ය. සිනමාව කියන්නේ තව එකක්‍ය. ඒ ජාතියේ වාර්ථා චිත්‍රපට ටෙලිවිෂන් නොතිබූ හත් වසක සාපය පැවති, සිනමාවේ වසන්ත සමයේ, චිත්‍රපටය පෙන්වීමට පෙර ප්‍රදර්ශනය කළ අතර, ඒවා මෑත කාලයේ ආ ජාතක කතා හා ජාතික කතා වලට වඩා බොහෝ උසස් තත්වයක තිබුනේය.

මාතලන්, චිත්‍රපටයක් බලන්න යන්නේ, සිනමා පටයක් නැරඹීමට මිස, ටෙලි නාට්ටියක් බැලීමට නොවේය. විශාල තිරයක ප්‍රදර්ශනය කලද, ටෙලි නළුවන් හා නිලියන් පිරි සිනමා පට තවත් ටෙලියක් බැලුවා වාගේය. ප්‍රංශ සිනමාවට බොහෝ සේ ආදරය කරන්නෙකු ලෙස හඳයාගේ නවතම නිර්මාණය වන අල්බොරාදා කලෙකින් මා අමන්දානන්දයට පත්කල චිත්‍රපටයක්ම වූයේය.

එක් ප්‍රංශ චිත්‍රපටයක රඟන බොහෝ නළු නිලියන් බොහෝ විට තවත් චිත්‍රපටයක දැකීමට සිඳුවන්නේ බොහෝ කලාතුරකින්‍ය. එවිට සිනමාවේ නැවුම් බව රැඳෙනා බව මගේ විශ්වාසයයි. ඒ අතින් රිතිකා කොඩිතුවක්කු (Rithika Kodituwakku) හා මැල්කම් මචාඩෝ (Malcolm Machado) ටෙලි නළු නිලියන් නොවීම, සිනමාවේ, හඳයාගේ, මෙන්ම අපගේද වාසනාවක්ය.

මාතලන් 3

 

බොහෝ අය මැල්කම් මචාඩෝගේ රංගනය පමණක් අගය කර තිබුනද සෑම චරිතයක්ම තම චරිතයට උපරිම සාධාරාණය ඉටු කර තිබුනේය. එමෙන්ම අනෙක් සෑම අංශයකම සුළු සුළු අඩුපාඩු තිබුනද ඒවා නොපෙනෙන නොදැනන තරමට, රංඟනය ප්‍රභලව ඉස්මතුව තිබූ බව කිව යුතුය.

චිත්‍රපටයක් නාට්‍යයක් හෝ චිත්‍රයක් නැරඹිමෙන් අනතුරව එය මනසේ හොල්මන් කරයි නම් එය සාර්ථක නිර්මාණයක්‍ය යන්න මගේ විශ්වාසයය. චිත්‍රපටයේ නම අල්බොරාදාය. එය ස්පැනිෂ් නමකි. ඉංග්‍රිසියෙන් වචනය "Dawn" යන්නයි. එහි සිංහළ තේරුම අරුනෝදය හෝ පාන්දර ලෙස ගත හැකිය. එය චිත්‍රපටයට විශාල අරුතක් ගෙන එනවා මෙන්ම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවක් රඟන ලයනල් වෙන්ට්ඩ් නම් ශ්‍රේෂ්ඨ කලාකරුවාගේ නිවසේ නමයි. අද ලයනල් වෙන්ට්ඩ් රඟහල පිහිටා තිබෙන්නේ ඒ නිවස තිබූ භූමියේය. නිවසට නම තබා ඇත්තේ ලයනල්ගේ ළඟම මිතුරකු වූ පැබ්ලෝ නෙරුදාය.

 

මාතලන් 2

පැබ්ලෝ ඒ නම දැම්මේ චිත්‍රපටයේ මූලික තේමාව වන සෑම හිමිදිරියකම, නෙරුදාට පමණක් වෙන් වූ වැසිකිලිය පිරිසිඳු කිරීමට පැමිනෙන සෙක්සි Sakkili කෙල්ලට පෙම් කරනා (ඇයගේ පහස විඳීමට උත්සාහ කරනා) කාළයේද , එසේ නැත්නම් ඇය හා සංවාසයේ යෙදීමෙන් අනතුරුවදයි අප දන්නේ නැතිය. කෙසේ හෝ මෙම සිඳුවීම නෙරුදාගේ ජීවිතයේ අමතක නොවනා සිඳුවීමක් බව එයින් මනාව පැහැදිලි වනවාය.

මා කියවා ඇති ආකාරයට පැබ්ලෝ නෙරුදා ඇය හා එක්වීමේදි කිසිඳූ විරෝධයක් මෙන්ම කිසිඳු ප්‍රතිචාරයක් ඇයගෙන් නොලද බව කියා ඇතත්, හඳයා එම සිඳුවීම අමුවෙන්ම ඉදිරිපත් කර ඇත. මා ඉන්නේද ඒ මතයේමය. නෙරුදා තම චරිතයට සිඳුවන හානිය හේතුවෙන් එය ලියා නොතැබුවද, තම කැමැත්ත කිහිප ආකාරයකින් ප්‍රකාශ කලද, ඒවා පයිසයකට මායිම් නොකළ Sakkili යුවතියට අත්වන්නට ඇත්තේ මේ ඉරණමය.

 

මාතලන් 6

ඇය වෙනුවෙන් මඟ තබන රෝස මල කක්කා බාල්දියට දැමීම මෙන්ම, සාරිය ප්‍රතික්ෂේප කිරීම තුලින් ඇය ඔහු එන්නේ මොකාටද යන්න තේරුම් ගත් බව ප්‍රකාෂ විමද, එම ප්‍රතික්ෂේප කිරීම් වලින් ඇතිවන ඉච්ඡාභංගත්වය, නෙරුදා විසින් සාරිය රැගෙන වේගයෙන් දිවීමෙන් මෙන්ම සාරිය ඉරා දෙවගනගේ පිලිමය සැරසීමෙන්ද අපූරුවට පෙන්වයි.

චිත්‍රපටය හඳුන්වා දීමේදී, "The poem Neruda never wrote" කියා හඳයා කියන්නේ, මේ කවිය විය හැකි වුවද, චිත්‍රපටය පුරා නෙරුදා නොලියු කවි බොහෝමයක් තිබෙන්නේය. ඇත්තටම "ජොසී" (මියන්මාරයේ යක්ෂණිය) ලංකාවට එන්නේ නැතිය. ඒ හඳයාගේ අපූරූ කවියකි. නිවසේ සේවකයා වන මැල්කම් මචාඩෝ හරහා කියනා කවි බොහෝමයකි. ලයනල් වෙන්ට්ඩ්ගේ අපූරූ ලිංගික ආශාවන් ගැන වක්‍රාකාරයෙන් කියනා කවි බොහෝ අපූරුය, එය අවබෝධ වුවහොත් මල මූසල රැඟුම් පාලක මන්ඩලයෙන් අක්ෂරය මෙන්ම ඇපීල් කරන්නට විය හැකි චිත්‍රපටයක් වීමටත් බොහෝ ඉඩකඩද තිබෙන්නේය.

 

මාතලන් 5

 

නිවසේ සේවකයා Sakkili යුවතිය දූෂණයට ලක්වන මොහොතේ එය වැලකීමට උත්සාහ කරනුයේ කුල බේදය පසෙක තබා ඔහුගේ මිනිස්කම හා කුලයෙන් පහත් වුවත් තමාගේ එකෙකුට අත්වන විනාශය නිසා බව තවත් අපූරූ කවියකි. අසල්වැසි කාන්තාව නෙරුදා කෙරෙහි ඇති ආශාව වක්‍රාකාරයෙන් පෙන්වීම තවත් අපූරූ කවියකි. Sakkili පඩි ගත්තා වාගේ යන කවිය ඉදිරිපත් කිරීමද අපූරුය.

"You are a Basterd" නැතකොත් "තෝ මහා අමනයෙක් ..." කියා, හඳයා නෙරුදාට කියන්නේ නැතිය. නොබෙල් සාහිත්‍ය සම්මාණයෙන්ද පුදලද මහා කවියකු අමනයෙක් බව කියන්නේ ලයනල් වෙන්ට්ඩ් ලවාය. ඇත්තටම මෙවන් අමන සල්ලාල කළාකාරයෝ ලංකාවෙන්ද ලෝකයෙන්ද කොතෙකුත් වාර්ථා වුවද ඔවුන් තවමත් මහා කලාකාරයෝ වනාතර වින්දිතයෝ වෙට්ට පාසියෝය. මෙය කළාකරුවන්ට පමණක් බැහැර කර අපට අත සෝදා ගත හැකිද?

හඳයා තවත් අපූරූ කවියක් කියයි. මම මේ චිත්‍රපටයේ කැමතිම චරිතය, නිමායා හැරිස් (Nimaya Harris) පන පොවනා පැට්සිගේ (Patsy) ගේ චරිතයයි. යටත් විජිත ව්ක්ටෝරියානු යුගයේත්, මානුෂික හැගීම් වලින් යුත් නිදහස් නිවහල් ලිබරල්, "ලයනල් වෙන්ට්ඩ්" වැනි පිරිමින් මෙන්ම, පැට්සි වැනි කාන්තාවන්ද වූ බව ඇය අපූරුවට ඉදිරිපත් කරයි. ඇය පෙම් කරන්නේ නෙරුදාට නොව ඔහුගේ කවියටය, මියන්මාරයේ ත්‍රස්ත්වාදිනියට මෙන් නෙරුදා තමන්ගේම කර ගැනිමේ ගායක් ඇයට ඇත්තේ නැතිය. ඇය ඒ වෙනුවෙන් විඳවන්නේ නැතිව නෙරුදාගේ කවිය, නෙරුදා මෙන්ම ඇයගේ ජීවිතයත් විඳගන්නීය.

 

මාතලන් 4

ඇය හිස දරාගෙන සිටින්නෙ ඉන්ගිරිස් හිස් වැස්මකි. මියන්මාරයේ යක්ෂනිය එන්නේ හිස මත හාල් මල්ලක් රැගෙනය. ඇය සිතන්නේ හාල් තියෙන්නේ මියන්මාරයේ පමණකැයි කියාය. මිරිමින්ට ඉන්නේ තම පතිවත බිලිගත් නෙරුදා පමණක් යැයි සිතාය. sakkili යුවතිය හිස දරාගෙන යන්නේ තම රැකියාවයි. එහි ඇත්තේ අශූචිය. අවසානයේ ඒ බාල්දිය රැගෙන යන්නේ නෙරුදාය.

අප සියල්ලන්ම අශූචී බාල්දියක් හිසින් ගෙන ඉලපතක් අත රැගෙන යන්නෝ නොවෙමුද?

ඉලපතින් හතුරාට බැට දීමට මෙන්ම තම පරිසරය පිරිසිඳුව තබා ගැන්මටද පුලුවන.

වික්ටෝරියානූ යුගයේ අනුන්ගේ පව් සේදීමට මුහුදේ කිමිදෙන Sakkili යුවතිය "අද" මතුවන්නේ.... තාමත් පව් කාරයන් සිටිනා නිසාද, නැතිනම් අප තාමත් සිටින්නේ වික්ටෝරියානු යුගයේ නිසාද?