ස්ථිර රැකියාවක් රහිත අවවරප්‍රසාදිත කඩවසම් තරුණයකු වු 'ජොන්ග් සුට'

තම කුඩා කාලයේ මිතුරියක වන 'හේ-මි' නගරයේ සාප්පුවක අලෙවි ප්‍රවර්ධනයකදී අහම්බයකින් මෙන් මුණ ගැසෙයි. නමුත් ජොන්ග් සුට ඇයව මතක නැත, නමුත් හේ-මි ඔහුට පවසන්නේ ඇය ප්ලාස්ටික් සැත්කමක් කළ බවයි. ජොන්ග් සුට පසුව සිහිපත් වන අතර අලෙවි ප්‍රවර්ධනයේදී ඔහු දිනාගත් රෝස පැහැති ඔරලෝසුවක් ඇයට ලබා දෙයි. එතැන් පටන් ජොන්ග් සු සහ හේ මි ප්‍රේමවන්තයන් බවට පත් වෙයි. මෙතැන් පටන් ජොන්ග් සුගේ ආශාව බවට පත්වන්නේ හේමී ය.

 

burning 1

 

 

නමුත් ජොන්ග් සුගේ ආශාව ඩැහැගන්නට තෙවන පාර්ශවයකගේ මැදිහත්වීමක් සිදු වේ. ඒ හේමීට කෙන්යාවේ සංචාරය කිරීම අතරතුර හමු වු ධනවත්, කඩවසම් බෙන් ය. බෙන්, හේමීගේ පෙමිවතාද? ජොන්ග් සුගේ බලාපොරොත්තු බිඳ වැටෙිවිද? මෙි ත්‍රිකෝණ ප්‍රේමයට කුමකින් කුමක් සිදුවෙිවිද? මෙතැන් පටන් චිත්‍රපටය පැය දෙකයි විනාඩි විසිදෙකක් පුරා කතාව ගලා යන්නේ ජොන්ග් සු සහ බෙන්, හේමී අතර සිදුවන සිද්ධි දාමය පාදක කරගෙනය.

 

burning 3

 

මේ අපුරු සිනමාලංකාරය දකුණු කොරියානු සිනමාකරු ලී චැන්ග් ඩොන්ග්ගේය. සිනමා වියමන "Burning" ය. සිනමාරෑපිව තැනුණු ‘Burning’ චිත්‍රපටය තුළ තමා ආශා කරන වස්තුවක අහිමිවීමක හැඟිමක් පිළිබඳ අංශුමාත්‍රයකුදු අපට පෙන්වයි. ප්‍රබල දෙබස් හුවමාරුවන්ගෙන් යුක්තව ප්‍රබල උද්වේගකර නාට්‍යමය අවස්ථා මවන චිත්‍රපටයකි. රෑපය නමැති සාධකය ප්‍රමුඛ කරගනිමින්, රූප රාමුවෙන්(frame), රූප රාමුවට, රූප ඛණ්ඩයෙන්(shot), රූප ඛණ්ඩයට නරඹන්නාගේ ඇස රවටයි. මෙය මායාවක් ද? යථාර්ථයක් ද? යන දෙකොණවිලක්කුවේ තබා අප චිත්‍රපටය තුළ බලෙන්ම මෙන් රඳවා ගනී.

 

burning 2

 

 

"බර්නින්ග්" චිත්‍රපටය පුරාවටම ආලෝකය සහ වර්ණය අරඹයා සිනමාකරුවා දක්වන සුවිශේෂි අවධානය කැපී පෙනෙනවා. චිත්‍රපටය තුළ යම් අඳුරක සේයාවක් වැටී තිබෙනවා. වරින් වර චිත්‍රපටය මූසල හැඟීමක් දනවන අඳුරු දර්ශන වෙත ගමන් කරනවා. එය විටෙක නිල් පැහැයෙනුත් දිස් වෙනවා. නිර්ධන පන්තිය නියෝජනය කරන ජොන්ග් සු සහ ධනපති පන්තිය නියෝජනය කරන බෙන්, මෙි තරැණයන් දෙපළගේ ජීවිතයේ හරස්කඩක් අපට පෙන්වන සිනමාපටය එකී චරිත ද්විත්වය හරහා නොයෙකුත් දිශා කෙරෙහි ප්‍රේක්ෂකයාව යොමු කරවයි. සමාජ පන්තිය බෙදීම ඔස්සේ අනෙකාට ඊර්ෂ්‍යාව දක්වන ආකාරය ජොන්ග් සුගේ හැසිරීම සහ මනෝභාවයන් කදිම නිදර්ශනයකි. පාලන තන්ත්‍රයේ වෙනස්වීම්වලට සාපෙක්ෂව සිදුවන තත්කාලීන සමාජ පරිවර්තනයන්ට අදාලව හා අනුරූපව දකුණු කොරියානු තරුණයාගේ ජීවිතාපේක්ෂාවනුත්, අපේක්ෂා භංගත්වයත්, හැසිරීම් රටාවත් සූක්ෂම ලෙස වෙනස් වූයේය. මෙි සියල්ලටම කලාපීය හා ලෝක දේශපාලන ප්‍රවණතා බලපෑ වගද මෙහිදි චිත්‍රපටය සිතා මතාම මතක් කරයි. හිස් ලු ලු අත දුවන ජොන්ග් සු වැනි අවවරප්‍රසාදිත තරැණයන්ගෙන් මෙි මොහොකේ ලංකීය සමාජ සන්දර්භයේ ජායාවක මාත්‍රයකුදු දිස් වෙයි. ධනවාදයේ මෙි යුගයේ මානව සබඳතා නොපවතී. දකුණු කොරියාවේ ආන්තික වු පන්ති අසමානතාවය ආර්ථික මංමුලා සහගත බව "Burning" චිත්‍රපටයේ යටිපෙළ අවධාරණය කරයි. ගැඹුරැ මානව සබඳතා පිළිබඳව සහ ධනවාදයේ බෙදුම් රේඛාවට හසුව අති අවවරප්‍රසාදිත තාරැණ්‍ය පිළිබඳ චිත්‍රපටය විසින් ප්‍රේක්ෂකයාව ග්‍රහණය කර ගනී.

 

burning 5

 

 

චිත්‍රපටය අවසානයේ “අප ජීවත් වන ලෝකය යථාර්ථයක් ද නැතිනම් ෆැන්ටසියක් ද යන්න කීමට අපහසු ය.” යන්න සටහන්වීමෙන් චිත්‍රපටයේ කිනම් සිදුවීම් සත්‍ය ද කිනම් සිදුවීම් මායාවන් ද කියා කියවීමට අපහසු බවක් ප්‍රේක්ෂකයාට දැනෙන්නට පටන් ගන්නවා. සැමවිටම මිනිස් සබඳතා අතිශය සංකීර්ණ ස්වරෑපයක් ගනී. සංකීර්ණත්වය උතුරා ගියවිට ගැටුමකින්,මරණීය අවසානයකින් මිනිස් ජීවිත කෙළවර වෙි. සිනමාව යනු ජීවිතය දෙස එබී බලන කවුළුවකි. එම කවුළුවෙන් එබී බලන්නට "Burning" අපට බල කරයි.