අතීතයේ පිරිමියාට හිමිව තිබූ භාෂණ අයිතිය එපරිද්දෙන්ම කාන්තාවට හිමි නොවින. 

එහෙත් ක්‍රි’ ව 7 සිට 13වන සියවස දක්වා සිංහල භාෂාවේ මධ්‍යතන යුගයේ කාල පරාසය සීගිරියේ ගී ලියූවෝ කාන්තාව විෂය කර ගත්හ. එහි ප්‍රථිඵලයක් ලෙස කාන්තාව විෂය වූ මනරම් සීගිරි කව් ගී රාශියක් කැටපත් පවුරේ ලියවිණ.

1915 අප්‍රේල් 04 ඉපිද 1946වන වන විට සිංහල සංගීත ක්‍ෂේත්‍රයේ මං සලකුණු තබන්නට පොසොසත් සුගායනීය හඩකට ඔහු හිමිකම් කීවේය. ඔහුගේ ප්‍රථම ගීතය ඕලු‍ පිපිලා විල ලෙළදෙනවා සුදට සුදේ නංගෝ ගීතයයි. සුනිල් ශාන්තයන් ගි ලොවට පිවිසෙන්නේ ස්ත්‍රීවාදී මානවීය ගුණයෙන් යුතු ගීයකිනි. මෙහි ගි පද සංගීතය හා ගායනය සුනිල් ශාන්තයන්ය.

 



ඕලු‍ පීපීලා විල ලෙළ දෙනවා සුදට සුදේ නංගෝ
ඕලු‍ නෙළාලා මාල ගොතාලා දෙන්නද සුදු නංගෝ
ඔන්න දියේ බැස මා හා - දෙන්න ඔබේ අත මාලා
ඕලු‍ නෙළාලා මාල ගොතාලා පළඳිමු අපි මාලා
වැල නොකැඩී පෙම් කෙළිමින් යන්නෝ දණ්ඩ් පැටව් නංගෝ
කූණිස්සෝ උඩ පැන පැන යන්නෝ අප කැඳවා නංගෝ
මෙන්න මලක් මා නෙලු‍වා ඔන්න ඔබේ ඒ මාලා
ඕලු‍ නෙළාලා මාල ගොතාලා පළඳිමු අපි මාලාඳා
මා පරදිනවා ඔබගේ දෑතට මට ලජ්ජයි නංගෝ
හෙමිහිට හෙමිහිට නෙළමින් යමුකො කලබල ඇයි නංගෝ
ඕලු‍ මලේ සුද නාලා ඔබ රුව වැඩිවෙයි මාලා
ඕලු‍ නෙළාලා මාල ගොතාලා පළඳිමු අපි මාලා
නෙළුවා නෙළුවා බරටම නෙළුවා බරට බරයි නංගෝ
මේ මල් අරගන වටපිල් කන්දට යමුද ඉතිං නංගෝ
අන්න මල්ලි මෙහි එනවා යමු යමු හනිකට මාලා
ඕලු‍ නෙළාලා මාල ගොතාලා පළඳිමි අපි මාලා

සුනිල් ශාන්තයන්ගේ මෙම මුල්ම ගීතය ප්‍රේමය හඟවනමුත් එහි යටි අරුත “මා පරදිනවා ඔබගේ දෑතට මට ලජ්ජයි නංගෝ හෙමිහිට හෙමිහිට නෙළමින් යමුකො කලබල ඇයි නංගෝ” යන දෙපදෙන් හෙළිවන්නේ කුමක්ද. කාන්තාව සතු කාර්යක්ෂමභාවය, ක්‍රියාවෙහි නිපුණබව මින් මනාව ඔප්පුවේ.

සුදට සුදේ ළෙලදෙන ඕලු‍ පිරි විලක මල් නෙලන්නට ආරාධනා කරන්නේ පිරිමියායි. මාල ගොතාලා පළඳිමු ලෙස යෝජනා කරන්නේ පිරිමියායි. එය එවකට ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවල මූලික ස්වභාවයයිත අදටත් කිසියම් කාර්යයක් අභිබවා ප්‍රේමය විෂයෙහිදී පිරිමියා ප්‍රමුඛවන අවස්ථා බහුලය. මෙහි කාන්තාවට ආවේණික කාර්යක්ෂමබව හමුවේ පිරිමියා පරදියි. ඉන් ලජ්ජාව අවිහිංසකව ප්‍රකාශ කරයි. 

දියේ බැස මල් නෙළන්නේ මල් මාලා පැළැඳීමටයි. නමුත් ස්ත්‍රියක් සහ පිරිමියෙක් හුදෙකලාව මල් නෙළීමකදී ඇතිවිය හැකි රාග නිශ්‍රීත කල්පනා මෙම ගියෙන් විද්‍යමාන නොවේ. ගත සැරසීමට නෙළනා මල් අවසානයේ “ මේ මල් අරගන වටපිල් කන්දට යමුද ඉතිං නංගෝ” යයි පවසයි. වටපිල් කන්ද කුමක් විය හැකිද? එය පූජනීය ස්ථානයකි. ආදරය ගෞරවය සුන්දරත්වය සහ කාන්තාවගේ ඹුහුටි ක්‍රියාකාරිත්වය සුනිල් ශාන්තයන්ගේ මෙම මුල්ම ගායනයෙන් ප්‍රකට වේ. එහි ගී පද සංගීතය හා ගායනයද සුනිල් ශාන්තයන්ගේමය. එසේනම් සිංහල ගී ලොවට පිවිසෙන ප්‍රථම ගීතයෙන් ඔහුතුළ වන්නාවූ ස්ත්‍රීවාදී බව ප්‍රකට කිරීමට සමත් නොවේ යයි සිතිය හැකිද?





බෝවිටියා දං පළුකං වාරේ මේ නොවැ පොඩි නංගෝ
කුරුඳු කැලේ සුදු වැල්ලේ මා දං ගොඩ ගැහිලා නංගෝ
සිහිවෙන විට තොල කට ද තෙමෙයි මේ මා යනවා නංගෝ
මා යනවා නංගෝ
හා සුදු සුදු අයියේ
මා එනවා අයියේ
අයියේ යමු යමු සුදු වැල්ලේ
ඇයි නංගෝ මා අතහැරපන්කෝ මා වෙලටයි යන්නේ
බාලොලියා බෝවිටියා කන්නෝ නරක ළමෝ නංගෝ
එදා වගේ මා ඕළු නෙළා ගෙන එන්නම් සුදු නංගෝ
එන්නම් සුදු නංගෝ
මට අද ඕළු එපා
බාලොලියා ද එපා
අයියේ මා ගෙදරම ඉන්නම්
ඒ බොරුවට මා විහිළු කළා නොවැ තරහද මගෙ නංගෝ
රතට රතූ කජු පුහුලම් ඔබ දැක සැඟවෙනවා නංගෝ
අපට එපා ඔය ලජ්ජා උදවිය එන්න මෙහෙං නංගෝ
එන්න මෙහෙං නංගෝ
ටික ටික සැඟවෙනවා
එබිකම් කර යනවා
හා හා ඔබ දැක නොවැ අයියේ
පුහුල් හොරා නම් කරෙන් දැනෙන්නා කීවා නොවැ නංගෝ
සුදෝ ඔබේ දිව තොල් කළු වූයේ කිමද අහෝ නංගෝ
මටත් හොරෙන් ඔබ දං කෑවා නොවැ යසයි යසයි නංගෝ
යසයි යසයි නංගෝ
එකක් කටේ වැටුණා
ටිකක් රහත් බැලූවා
අයියගෙ දත් ටික දම් පාටයි
බෝවිටියා දං පළුකං බාලොලි කරඹ ගොඩයි නංගෝ
සුදෝ ඔබේ කට අතට වඩා වේගෙන් යන්නා වාගෙයි
ඊට වඩා දැන් පය ඉක්මන් කර ගෙදරට යමු නංගෝ
ගෙදරට යමු නංගෝ
දකුණේ බාලොලියා
වමතේ බෝවිටියා
කන්නේ මා දං සුදු අයියේ
බෝවිටියා දං පළුකං වාරේ මේ නොවැ පොඩි නංගෝ ///.

සහෝදරියක සහ සහෝදරයෙකු අතර වෙතයි මතුකළ හැකි අවියෝජනීය බැදීම මෙහි නිරූපිතයි. ඇතැම්විට මෙය ස්ත්‍රී පුරුෂ ප්‍රේමයක්ද විය හැකියි. සාමාන්‍යයෙන් සුදෝ යන පදය සහෘද සහ ප්‍රේමය ආදරය වෙනුවෙන් ලියවෙන කියවෙන වචනයකි.

“සුදෝ ඔබේ කට අතට වඩා වේගෙන් යන්නා වාගෙයි ඊට වඩා දැන් පය ඉක්මන් කර ගෙදරට යමු නංගෝ”

යන පදයෙන් පැහැදිලි වේ. ස්ත්‍රිය ගෞරවනීය චරිතයක් බවත් ඇය රැකවරණ ලැබිය යුතු චරිතයක් බවත් මෙම ගීයෙන් පැහැදිළි වේ. අතීතයේ ගැමි සුන්දරත්වය මුසු වුන සහෝදර බැඳීම් සහ ස්ත්‍රය කෙරෙහි වූ ළබැඳයාව මෙම ගීතයෙන් ඉස්මතු කරයි. ඕලාරික ප්‍රේමාගාලාප වෙනුවට ස්ත්‍රිය කෙරෙහිවන දයාර්දබවද මෙම ගීතයෙන් නිරූපිතයි.

 



හමල් මරු
ජහස් සුයූ
හස්සන් දල්ලා
තුරු ගල් කොහල් හූ
මල ගල්හි හැල්ලා
ගණනින් මුත් කලබ්
කළ තම්බල පල්ලා
පැරැය දිගැස් ත දුන්
හස්සුන් කුම් වාල්ලා
හමල් මරු ජහස් සුයූ හස්සන් දල්ලා
තුරු ගල් කොහල් හූ මල ගල්හි හැල්ලා
හමල් මරු
ජහස් සුයූ
හස්සන් දල්ලා
තුරු ගල් කොහල් හූ
මල ගල්හි හැල්ලා
ගණනින් මුත් කලබ්
කළ තම්බල පල්ලා
පැරැය දිගැස් ත දුන්
හස්සුන් කුම් වාල්ලා
හමල් මරු ජහස් සුයූ හස්සන් දල්ලා
තුරු ගල් කොහල් හූ මල ගල්හි හැල්ලා
ගණනින් මුත් කලබ්
කළ තම්බල පල්ලා
පැරැය දිගැස් ත දුන් හස්සුන් කුම් වාල්ලා
ගණනින් මුත් කලබ්
කළ තම්බල පල්ලා
පැරැය දිගැස් ත දුන් හස්සුන් කුම් වාල්ලා ...//
හමල් මරු
ජහස් සුයූ (හස්සන් දල්ලා) ...///

සුනිල් සාන්තයන් ගයන මෙම ගීතය 8වන සියවසේ ලියවුනැයි සැලකෙන සීගිරි ගීයක ගායනීය ස්වරූපයයි. පෙර දින සීගිරි ළලනාවක් සමීපයට ගිය තරුණයකු එම රුවට ප්‍රේමයෙන් බැඳී මෙම කව ලියා තිබේ. තරුණයා සීගිරි බිතෙහිවුන් ළඳගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙයි. රාත්‍රිය එළැබෙන තෙක් පිළිතුරු නොලැබෙයි. එබැවින් ඇට ඔහු මෙසේ පවසයි.

 

සිතුවම් 1

“මඳ සුළඟ හැමීය. දළු ආ දහස් සුවහස් ගණන් ගස් බිම පතිත විය. කොහා නාද පැවැත්වීය. මලය පර්වතයෙන් දිය ඇලි පතිත විය. කදෝ කිමියන් විසින් රාත්‍රිය තඹවන් ළා දළු පැහැ ගන්වන ලදී. දිගැසිය තී දුන් හසුනින් කවර පිහිටක්ද?” කාන්තාවකගෙන් ප්‍රේමය අයදින පිරිමියකු ප්‍රේමය ප්‍රතික්ක්‍ෂේප වූ විට එවැන්නක් මට කුමටදයි පැවසීම සාමාන්‍ය භාවිතයයි.


එය මෙම සීගිර ගීයේද නිරුපිතයි. සුනිල් සාන්තයන් මෙම ගීතය සීගිරි ගී 685 කින් තෝරා ගන්නට හේතුවන්නට ඇත්තේ මෙහි පදවල ඇති ලාස්‍යය සුගායනීයබව ධ්වනිය සහ කාන්තා නිරූපනය පිළිබද ඇති කැමැත්ත නිසාම විය යුතුය.

සුනිල් සාන්තයන්ගේ ජනප්‍රියතම ගීතයක්වන “දිය ගොඩ සැම තැන කිරි ඉතිරේ ගස් වැල් කිරි මුහුදේ කිමි දේ” අන්තර්ගතය විමසා බැලීමේදී සුන්ල් සාන්තයන්ගේ ස්ත්‍රීවාදී ස්වභාවය තවදුරටත් තීව්ර කරයි. මෙහි ගී පද හියුබත් දිසානායකයන්ගේ වුවද සුනිල් සාන්තයන් රිසිවූ පරිදි ගී පද ගලපා ගැනීමට ඔහුට අවකාශ තිබිණ.



“මගෙ පොඩි නංගී කිරි ඉල්ලා දෝත නගා මා ඉහල බලා අමිබිලියෝ කියම්න් නැලැවෙන්නේ බැබලෙන හදපානේ” ළදරුවකුගේ හැඬීම ඔහු මගේ පොඩි නංගී කිරි ඉල්ලා යන පදය ගීතය තූළ අන්තර්ගත කරන්නේම දැරියකට වන්නාවූ දර්දබව නිසා විය හැකිය.



එතරම් ජනප්‍රිය නොවුනද මෙම ගීතය ඉතාම මියුරු සුගායනයකි. අරිසෙන් අහුබුදු සූරීන්ගේ ගී පද සන්ගීතවත් කොට ගායනා කරන්නේ සුනිල් සාන්තයන් නාලනි රණසිංහ සහ අමිතා වැදිසිංහ ගායනවේදිනියන් සමගිනි.



හත් පාටක් ගෑවෙන්නා
රන් සෑයක් නැංවෙන්නා
නන් පැහැයක් දිස්වන්නා
දේදුන්නක් පායන්නා
සුර අඟනන් වැසි බිඳු මල් අමුණා
දිය පීනාගෙන අඹර ගඟේ
අත්වැල් බැඳගෙන පොළොවට එන්නට
දැමූ මැණික් ඉණිමගකි හැඟේ
සුරඟනකගෙ මිණි තැල්ලයි
සෝබාදම් සැරසිල්ලයි
වැසි බිඳු මුතු ඕවිල්ලයි
නැලවෙන සුර ඔන්සිල්ලයි
හත් පාටක් ගෑවෙන්නා
රන් සෑයක් නැංවෙන්නා
නන් පැහැයක් දිස්වන්නා
දේදුන්නක් පායන්නා
රුවන් ඉණක් මෙන් මිණි මෙයුලක් මෙන්
බබලන දේදුණු මඬල පෙනේ
සුන්දරියකගේ නැමි බැම උපමා
කල විට ඈ ඉන් උරණ වුණේ
සුරඟනකගෙ මිණි තැල්ලයි
සෝබාදම් සැරසිල්ලයි
වැසි බිඳු මුතු ඕවිල්ලයි
නැලවෙන සුර ඔන්සිල්ලයි
හත් පාටක් ගෑවෙන්නා
රන් සෑයක් නැංවෙන්නා
නන් පැහැයක් දිස්වන්නා
දේදුන්නක් පායන්නා
ටික වේලාවක් මා නලවන්නට
කොහි සිටදෝ අහසට ආවේ
ගොඩ දිය මල්වල රන් ආකරවල
පාට රැගෙන කවුරුද ගෑවේ
සුරඟනකගෙ මිණි තැල්ලයි
සෝබාදම් සැරසිල්ලයි
වැසි බිඳු මුතු ඕවිල්ලයි
නැලවෙන සුර ඔන්සිල්ලයි
හත් පාටක් ගෑවෙන්නා
රන් සෑයක් නැංවෙන්නා
නන් පැහැයක් දිස්වන්නා
දේදුන්නක් පායන්නා
සුර අඟනන් වැසි බිඳු මල් අමුණා
දිය පීනාගෙන අඹර ගඟේ
අත්වැල් බැඳගෙන පොළොවට එන්නට
දැමූ මැණික් ඉණිමගකි හැඟේ
සුරඟනකගෙ මිණි තැල්ලයි
සෝබාදම් සැරසිල්ලයි
වැසි බිඳු මුතු ඕවිල්ලයි
නැලවෙන සුර ඔන්සිල්ලයි

මෙහි සුර අඟනන් වැසි බිඳු මල් අමුණණ බවත් සුරඟනකගෙ මිණි තැල්ල සොබා දහමේ සැරස්ලක් බව ප්‍රකාශ කිරීමෙන්ම ස්ත්‍රීවාදී දෘශ්ඨිය මනාව ප්‍රකාශිතය. සොබාදහම කාන්තාවට උපමා කිරීම තූළම සුනිල් ශාන්තයන් ස්ත්‍රියට හිමි මානයම ප්‍රකට කරවයි. රුවන් ඉණක් මෙන් මිණි මෙයුලක් මෙන්

“බබලන දේදුණු මඬල පෙනේ සුන්දරියකගේ නැමි බැම උපමා කළ විට ඈ ඉන් උරණ වුණේ” දෙපදයෙන් කාන්තාවගේ ඇහි බැම රන්වන් ඉන අංග ප්‍රත්‍යාංග උපමා කරයි. ඉන් ස්ත්‍රීත්වයේ සංකේත ගීතය පුරා දැකිය හැකිය."

 

කිරිල්ල සහ කූඩුව ගීතය සුනිල් සාන්තයන් සමාර ගත කරන්නේ කොණ්ඩ කිරිල්ලට හිංසා කළ පැටියන් පැහැරගත් ළමයින්ට ඔහු පඩමක් කියාදෙයි. හිංසා පීඩා නොකළයුතු බව මෙම ගීතයෙන් ප්‍රකාශිතයි. මෙහිදීද සුනිල් සාන්තයන් තෝරාගන්නේ කිරිල්ලියකගේ මනෝභාවයයි. එනම් ස්ත්‍රීත්වයයි. ඔහුට අවැසිනම් කුරුල්ලා යන පදය ගී ගත කරන්නට අවකාශ තිබිණ. එහෙත් සුනිල් ශාන්තයන් කිරිල්ලිය ලෙස යෙදීම ඔහුගේ මෙකී ලක්ෂණ මතු කරයි.


“කෝ මගේ දරුවෝ” මන්ද්‍රී දේවියගේ වැලපිල්ලද ඔහුගේ ගීත තුළ ස්ත්‍රීවාදීත්වය මනාව ප්‍රකට කරවන ගීතයකි.

සුනිල් සාන්තයන් ගායනා කළ ගීත සංඛ්‍යාව සියය නොඉක්මවයි. ඉන් බුදු ගුණ ගී. 7කි. එහෙත් ස්ත්‍රීවාදි මනවවාදී මුහුණුවරක් ගත් ගීත සංඛාත්මකව ඉන් අඩකටවඩා වැඩිය. මින් පැහැදිළිවන්නේ කුමක්ද සුනිල් සාන්තයන්ගේ ඇතුළුහදෙහි ලැග-ුම්ගත් ස්ත්‍රීවාදී මුහුණුවරයයි කාටනම් කිව නොහැකිද ලේඩි ලීඩර් මිළග දිගහැරුමෙන් සුනිල් සාන්තයන්ගේ ස්ත්‍රීවාදි ගායන උරුවේ තවත් සුගායනීය ගී විමසුමක දිගේලියකින් හමුවෙමු.