අවුරුදු හැත්තෑවකට විතර කලින් පැරීසියෙ ලියවෙනවා අද්විතීය පොර්නොග්‍රෆි (pornography) නවකතාවක්.

ඒක ප්‍රංශ සහ ඉංග්‍රීසි භාෂාවලින් ප්‍රකාශයට පත්වෙනවා. ඒකෙ ලියවුනු ලිංගික ජවනිකා ඉතාම තියුණුයි. බොන්ඩෙජ්(Bondage) සහ වයලන්ස්(violence) කියන කාරනා ගැන ලියවුනත් ඒ පොතේ භාෂාව අලංකාරයි. අව්‍යාජයි. මාංචු කස අතර වුනත් ඒ කතාව ආසාවෙන් කියවන පෙළඹවීම වුනේ ඒකයි.

ඒක ලියලා තිබුනෙ පාවුලින් රෙයාජ්(Pauline Reage) කියන අනවර්ත නාමයකින්. ඒ හින්දම මිනිස්සු හිතුවෙ ඒක ලියන්න ඇත්තෙ පිරිමියෙක් කියල. 1980 ගනන් විතර වෙනකල් මේ පොත ලියපු කෙනාගෙ ඇත්ත නම එලිදරව් වුනේ නෑ. බ්‍රිතාන්‍ය ජනමාධ්‍යවේදියෙක් එක්ක සාකච්ඡාවකදි අවුරුදු 86ක කාන්තාවක් පලවෙනි වරට එලිදරව් කරනවා ඒ වෙස්මූනු, මන්දිර පිටුපස ෆැන්ටසිය නිර්මාණය වුනේ තමන්ගෙ මනසෙ කියල. ඒ තමයි ඩොමිනික් ඕරි(Dominique Aury)

 

ඔි 2

 

*ඒත් ඇත්තටම ඕරි කියන්නෙත් එයා පාවිච්චි කරපු තවත් නමක්. මේ ලේඛිකාවගෙ ඇත්තම නම වෙන්නෙ ඇනා ඩෙස්ක්ලොස්(Anne Desclos)

ඕරි ප්‍රංශ සාහිත්‍යකරුවන් අතර ප්‍රමුඛ චරිතයක්. අවුරුදු 47දි ස්ටෝරි ඔෆ් ඕ ලියන විට පවා එයා සංස්කාරකවරියක්, පරිවර්තිකාවක් වගේම සාහිත්‍ය සම්මාන විනිශ්චය මණ්ඩල පවා හොබවන චරිතයක්. ඒ වගේම එයා හරිම තැන්පත් විච්චූර්න නැති බුද්ධිමත් භාවප්‍රභාව දක්වන කාන්තාවක්.

ප්‍රංශ රජය ස්ටෝරි ඔෆ් ඕ එක්ක තිබ්බෙ සරල සුගම සම්බන්දයක් නෙමෙයි. ඒත් 2004දි රජය මේ පොත ජාතික සාහිත්‍ය කෘතියක් හැටියට අගය කරන්න තීරනය කරනවා. ඩොමිනික් ඕරි අවුරුදු 90ක් වයසෙදි මිය යනවා. ඒ 1998. ඒත් ඒ පොත තාමත් හුස්ම ගන්නවා. ඒ පොත වටේ තියෙන රහස ඇමරිකානු චිත්‍රපටිකාරිනියක් වන පෝලා රැපපෝර්ට් ඩොකියුමෙන්යකට්‍රියකට ගේනවා.

ැරොටිනා

1950 ගනංවල මේ වගේ පොතක් ලියවෙන්න පුළුවන්කම තිබුනෙම ප්‍රංසෙ විතරයි. වාරණ නීතිවල හිරවෙලා හිටපු ඇමරිකාවෙ එංගලන්තෙ නම් කීයටවත් මේ පොත ප්‍රකාශයට පත්වෙන්නෙ නෑ. ඒත් වර්තමාන තත්වෙ ගොඩක් වෙනස්. මේ වෙද්දි කාන්තාවන්ට පුළුවන් තමන්ගෙ ඕනම ෆැන්ටසියක් ගැන, අත්දැකීමක් ගැන එලිපිට ලියන්න, කතා කරන්න.

ඒත් 1980දි ඇමරිකානු විශ්ව විද්‍යාලවල ෆෙමිනිස්ට්ලා ස්ටෝරි ඔෆ් ඕ පොත් ගිනි තිබ්බා. හැබැයි පැහැදිලිවම විදිහට ඒ දේශපාලන ව්‍යාපාරවලින් කාන්තා නිදහස සම්බන්ධයෙන් ඇති කරපු බලපෑම මේ පොතෙන් ඇති කරපු බලපෑම ලගින් තියන්නවත් බෑ.

තරුණ කෙල්ලෙක් වෙන ඕ තමන්ගේ පෙම්වතා රෙනේගෙ අණකිරීම අනුව කාර් එකට නගිනවා. වාහනේ ඇතුලෙදි එයාගෙ යටඇඳුම් ගලවන්න නියෝග ලැබෙනවා. ඊට පස්සෙ එයාව මන්දිරයකට එක්කගෙන යනවා. එතනදි රහස් සමාජයකට ඕව අඳුන්වාදෙනවා. කිසි කෙනෙක් එක්ක කතා කිරීම හෝ කෙලින් ඇස් දිහා බැලීම එයාට තහනම්. එයාගෙ පියයුරු නිරාවරනය වෙන ඇඳුමක් තමයි අඳින්න ලැබෙන්නෙ. ලෙදර් කොලර් එකක් සහ මාංචු පැළදෙනවා. ඕනම පිරිමියෙකුට එයා එක්ක ලිංගික ක්‍රියාවල යෙදෙන්න අවසර තියෙනවා. ඕ මේ හැම දෙයක්ම කැමැත්තෙන් බාරගන්නවා. පිලිවෙත දුෂ්කර වෙන තරමට ආදරය දැඩිවෙන වග එයා විශ්වාස කරනවා.

 

ඔි 3

මේ කතන්දර ඕරි ලියන්නෙ ඇඳේ වැතිරිලා. එයාගෙ නෝට්පොත්වල පැන්සලකින්. කිසිම ආයාසයකින් තොරව. කැපීමකින් කෙටීමකින් හෝ නැවත ලිවීමකින් තොරව. එයා හුස්ම ගන්න තරම් ලේසියෙන් හීන දකිනවා තරම් පහසුවෙන් දිගටම ලියාගෙන යනවා. පහුවෙනිදා එලිවෙනකලුත් එයා එක දිගට ලියනවා.

ඕරි මේ කතාව ලියන්නෙ පබ්ලිෂ් කරන්න බලාගෙන නෙමෙයි. ඒක ලියන්නෙ එයාටම අභියෝගයක් විදිහට. එයාගෙ පෙම්වතාව ශෘංගාරයෙන් අවදි කරන්න. ඒ පෙම්වතා තමයි ජීන් පුලියොන් (Jean Paulhan)..මේ දෙන්නා මුනගැහෙන්නෙ සංස්කෘතික වෙනසක් වෙනුවෙන් පෙනී හිටපු, ෂොන් සංස්කාරකාරකත්වය දරපු ලෙටර්ස් ඩි ෆ්‍රොන්සුවා(Lettres Françaises) සගරාව ඕරි විසින් බෙදාහරින කාලෙදි.

 

ඔි 4

පුලියොන් කියන්නෙ ඒ කාලෙ නැගීගෙන ආපු සාහිත්‍ය ප්‍රතිරූපයක්. කඩවසම් තරුණයෙක්. මේ ගැන ඕරි 1986දි කරන ඩොකියුමෙන්ට්‍රියෙ කතා කරනවා. ඒ ෆිල්ම් එක එයා මැරෙන කල් ප්‍රදර්ශනය කරන්න බෑ කියන කොන්දේසිය මතයි එයා ඒ වෙනුවෙන් පෙනී ඉන්නෙ. ඒකෙදි ඕරි මතක් කරනවා පෝලන් ගැන. උස, පලල් උරහිස් ඇති, රෝමන් මූනක් තිබුනු, නිතර උපහාසාත්මක සිනාවක් රැඳවුනු තරුනයෙක් විදිහට.

මේ ෆිල්ම් එක කරද්දි පුලියොන් මැරිලා අවුරුදු විස්සක් ගත වුනත් ඕරි ඒ ගැන කතා කරන කොට තාමත් ඒ මතකවල අතරමං වෙනවා.

‘පැවැත්ම එයාව පුදුමයෙන් පුරවලා තිබුන. ආකර්ශනීය වගේම අප්‍රසන්න අත්දැකීම්වලිනුත් එයාව පරිපූර්න කළා’ ඕරි පුලියන් ගැන කියනවා. ඕරි කියන්නෙ බුද්ධිමත්බව එක්ක ශෘංගාරයෙන් වෙළෙන චරිතයක්. පුලියොන්ගෙ ඒ හැකියාව ගැන කතා කරන්න දෙයක් නෑ. ඒ ගොල්ලො ශරීරයෙන් වගේම මනසිනුත් සෙක්ස් කළා. ඕරි බය වුනා එයාට පුලියොන්ව කවදා හරි නැති වෙයි කියල. ඒක හින්ද එයා නැවත නැවත අදහස්වලින් රමණය කරමින් පුලියොන්ව දිනාගන්න උත්සාහ කළා. එක හරිම ආකර්ශනීය සම්බන්ධතාවයක්.

පුලියොන් ඕරිට වඩා අවුරුදු විස්සක් විතර වැඩිමල්. ඕරි ස්ටෝරි ඔෆ් ඕ ලියද්දි පුලියොන් ඉන්නෙ එයාගෙ හැටගනංවල. ඒ වෙද්දි දෙපාරක් කසාද බැඳලා. දෙවෙනි කසාද බිරිඳ පාකින්සන්වලින් පෙලෙනවා. ඕරිට අමතරව පුලියොන්ට තවත් ප්‍රේම සම්බන්ධතා තිබුනා. එයා කොහොමත් ස්ත්‍රී ආකර්ශනයෙන් උතුරා යන පිරිමියෙක්.

 

ඔි 5

ඒත් 1950 ගනංවලදි ඕරිට හිතෙනවා පුලියොන්ව අහිමි වෙයි කියල. එයාට ඕන වෙනවා පුලියොන් ආසම දෙයක් කරලා එයාව තමන් වෙතම තියාගන්න. පුලියොන් ඒ වෙද්දි Sade ගේ 120 Days of  Sodam පොතට විශිෂ්ට පෙරවදනක් ලියලා තිබුන. ඕරි පුලියොන්ට කියනවා එයා ඉරොටිකාවක් ලියනවා කියල. ඒත් පුලියොන් කියන්නෙ ගැහැනියකට කවදාවත් ඉරොටිකා ලියන්න බෑ කියල. ඕරි අභියෝගය බාරගන්නවා. එයා ලියනවා.

‘මට ඕන වුනේ එයාව ආකර්ශනය කරගන්න.

එයාව බැඳලා තියාගන්න. මං ඒ වෙද්දි තරුණ නෑ. ඒ තරම් ආකර්ශනීයත් නෑ. ඉතින් මට ඕන වුනා

එයා වගේ මිනිහෙක් ආසවෙන දෙයක් කරන්න.’

ඕරි ඕ ගෙ කතාව ලියන්නෙ පැන්සලෙන්. ඒ ඇයි කියල ඇහුවම එයා දඟකාර විදිහට කියනවා, ඇඳේ ෂීට්වල පැල්ලම් වදින්නෙ නැති වෙන්න කියල.

මේ නෝට් පොත් පුලියොන්ට හම්බුනාට පස්සෙ එයාට දැනෙනවා මේක පබ්ලිෂ් නොකර ඉන්න බැරි පොතක් කියල. එයා ඕරිගෙන් ඉල්ලනවා ඒක නවකතාවක් විදිහට සම්පූර්ණ කරන්න. ඕරි එයාගෙ ජීවිතේ තියෙන බයිසෙක්ෂුවල් අත්දැකීම් කතාව ඇතුලට ගේනවා. ඒ වගේම සර් ස්ටීවන් වගේ චරිත හරහා කෙනෙකුට තමන්ගේ තාත්තා ගැන ඇතිවෙන රාගී හැඟීම් ගේන්න උත්සාහ කරනවා.

ඕරි මේ ලියන දේවල් පුලියොන්ට කියවනවා. ඒක හරිම නුහුරු දෙයක්. මොකද ඒවා තනියම හිතෙන් කියවන්න මිස හඬ නගා කියවන්න ලියපු කතන්දර නෙමෙයි.

 

ඔි 4

ඕරිගෙ කතාවෙ ඕ වේදනාව හා පීඩාව තුලින් පාරිශූද්ධත්වයට පත්වෙනවා. ඒ හැම දේකින්ම තමන්ගෙ ඇතුලෙ මමත්වය දියවී යාමක් ඕ අත්විඳිනවා. ඉහල අධිකාරියකට තර්කයක් නැතිව අවනත වීමේ ශෘංගාරය ඕරි දරුනුවට මතු කරනවා.

පුලියොන් මේ පොතට පෙරවදනක් ලියනවා. ඒක කිසි කෙනෙකුට තේරෙන්නෙ නෑ. ඕරි කියන විදිහට එයාටවත් ඒකෙ අගක් මුලක් තේරෙන්නෙ නෑ.

පොත පබ්ලිෂ් කරන්න පුලියොන් බාරදෙන්නෙ ඒ වෙනකොටත් Sade ගේ 120 Days Of Soadm හරහා කීර්තිනාමයක් දිනාගෙන හිටපු ජීන් ජැක්ස් පූවර්ට් ට. (Jean-Jacques Pauvert) එයා බලපු ගමන්ම දැනගන්නවා මේක ඕරිගෙ ලිවිල්ලක් කියල. පුලියොන්ට බෑ මේ වගේ එකක් ලියන්න. එයාගෙ ලියන ශෛලිය පුවර්ට් හොඳින්ම අඳුරනවා. පොත ඉංග්‍රීසියෙන් හා ප්‍රංස භාෂාවෙන් දෙකෙන්ම ප්‍රින්ට් කරන්න තීරණය වෙනවා. ඒක පබ්ලිෂ් කරන්නෙ ඔලිම්පියා ප්‍රෙස්(Olympia Press) එකෙන්. ඒකාලෙ ආව තවත් ආන්දෝලනාත්මක ඉරොතික නවකතාවක් උන ලොලිටා(Lolita) පොත ගහන්නෙත් ඒ ප්‍රෙස් එකමයි.

 

ඔි 8

1954දි එලියට ආවට මේ පොතට ඒ තරම් අවධානයක් ලැබෙන්නෙ නෑ. ඒත් මේකට ඩියු මාගො ප්‍රී(Prix Deux Magots) සාහිත්‍ය සම්මානය ලැබීමත් එක්ක අපරාධ පරීක්ෂන අධිකාරීන්ගෙ ඇහැ මේ පොත දිහාට යොමුවෙනවා. මේ වෙද්දිත් ඒ වගේ ආන්දෝලනාත්මක ප්‍රකාශන නිසා 17 වතාවක් නඩු වැටිලා තියෙන පූවර්ට්ට මේක ගානක්වත් නෑ.

ඕරි ඉරොටිකා කියවන්නෙ එයාගෙ තාත්තාගෙ කලෙක්ෂන් එකෙන්. වැඩිවිය පත් වයසෙ ඉඳන්ම ඕරිට මේ සාහිත්‍ය කලාපය හුරුයි. එයාගෙ අම්මා පිරිමින්ට කැමති නෑ. ගෑනුන්ට කැමතිත් නෑ. එයා මාංශය කියන එකම සහමුලින්ම පිලිකුල් කරනවා.Les Liaisons Dangereuses ඕරිගෙ ප්‍රියතම පොත..

ඕ ගෙ සැබැ හැදුනුම එලියට එද්දි ඕරිගෙ කෙටි කසාදයකින් ඉපදුනු පුතා පිලිප් ද අර්ගිලාට (Philippe d'Argila) අවුරුදු විසි ගානක්. එයා සෑහෙන කාලයක් යනකල් දැනගන්නෙ නෑ මේ පොත ලිව්වෙ එයාගෙ අම්මා කියල. ඒත් ඒ දැනගන්න කාලෙ වෙද්දි එයා ඒ පොත විශිෂ්ට නිර්මාණයක් විදිහට අගය කරනවා.

1960 ගනං වලදි ළගම කීපදෙනෙක් දැනගන්නවා මේක වෙන කවුරුවත් නෙමෙයි ඕරි ලියපු කතාවක් කියල. 70 ගනං වෙද්දි මේ දන්න පිරිස ටික ටික විශාල වෙනවා...ඒත් මේ රහස තවත් කාලයක් යනකන් ආරක්ෂා වෙනවා.

 

ඔි 7

කාලෙකට පස්සෙ පැවතෙන රූපවාහිනි සාකච්ඡාවක්දී ඕරි කියන විදිහට එයා මුලින්ම එයාගෙ දෙමව්පියො මැරෙනකල් ඉන්නවා මේ රහස එලිකරන්න. ඊට පස්සෙ එයා තව ටිකක් වයසට යනකල් ඉන්නවා. නාකි ගෑනියෙක් මේ කතාව ලිව්වා කිව්වම ඒකෙන් ඇතිවෙන ගින්න සෑහෙන්න අඩුවෙයි කියල ඕරි හිතනවා.

මේ ගින්න පත්තුවෙන්නෙ අගෝස්තු පලවෙනිදාවක. ඒක නිවාඩු දවසක්. නිවාඩුව ඉවර වෙලා මිනිස්සු ආපහු පැරීසයට ආපු ගමන් මේක ඇවිලිලා යනවා. ටැබ්ලොයිඩ් පත්තරවල ආටිකල්ස්, ඕරිගෙ පිංතූර ඕරිට ටීවි ශෝස් වල ඉන්ටවිව් එන්න කියල එන ඉල්ලීම් වැහිවහිනවා..ස්ටෝරි ඔෆ් ඕ කියන්නෙ ප්‍රංශයෙන් පිටත පවා මිලියන ගානක් මිනිස්සු කියවපු ඉරොටිකාව. කවදාවත් ප්‍රින්ට් එකෙන් නතර නොවුනු තාමත් එක දිගට ප්‍රින්ට් වෙන නවකතාව. ඒ නවකතාව පිටිපස්සෙ තියෙන ශෘංගාරය කොල උඩ අකුරු වුනු ශෘංගාරයට වඩා උනුවට අලෙවි වෙනවා.

ඕරි අවුරුදු 11ක් පුලියොන් එක්ක ජීවත් වෙනවා. පුලියොන් මැරුනට පස්සෙ එයාගෙ ජීවිතෙත් ඉවර වුනා කියල එයා අන්තිමට සාකච්ඡාවක් කරපු ෆිල්ම් එකට කියනවා.

‘මගේ ඇතුලෙන් මං මැරුනා.

මගේ ඇතුලෙ ජීවත් වුනු පැවැත්ම ඉවර වුනා.

ඊට පස්සෙ මං හැමදෙයක්ම නැවැත්තුවා.’

පුලියොන් මරනාසන්නව ඉස්පිරිතාලෙ ඉඳිද්දි ඕරි ඒ කාමරේ ඉඳන් රෑට රෑට ස්ටෝරි ඔෆ් ඕ ලියපු කතාව තුන්වෙනි ඇහැකින් බලලා තව පොතක් ලියනවා. ගර්ල් ඉන් ලව් (A Girl in Love) කියන්නෙ ඒ පොත. පුලියොන්ගෙ මරණෙන් පොඩි කාලෙකට පස්සෙ ඒ පොත පබ්ලිෂ් වෙනවා. ඒ පොතේ ස්ටෝරි ඔෆ් ඕ වලින් මුද්‍රණයෙදි ඉවත් කරපු අවසන් පරිච්ඡේදයත් පලවෙනවා. ඒක ඕරි මොකක් නිසා නැවත ඇතුල් කළාද කියල කවුරුවත් දන්නෙ නෑ. ඒත් එයා ඒකෙ මෙහෙම සටහනක් තියනවා.

"මේ කොටස හිතාමතාම පරණ පොතෙන් වෙන් කර තැබුවක්.

මේක කිසිම හේතුවකට නැවත ඒ පොතට එක් නොකළ යුතුයි."

 

 

ස්ටෝරි ඔෆ් ඕ ලියලා එච්චර දිග කාලයක් තමන්ගේ අනන්‍යතාව හංගගෙන ඉන්න ඕරිට පුළුවන් වෙන්නෙ එයා කිසිම විදිහකින් ඒ වගේ ප්‍රචන්ඩ කෘතියක් කරයි කියල හිතන්න බැරි චරිතයක් හින්දමයි. ඒ ආචාරශීලී වැදගත් පැවැත්ම කිසිම විදිහකින් ඕගේ කතාව ලියපු කර්තෘ රූපයක් එක්ක ගලපගන්න බැරි එකක්.

අදටත් ස්ටෝරි ඔෆ් ඕ කියන්නෙ ප්‍රබලම සාහිත්‍ය කෘතියක්. ඒක කියවීමෙන් ඇතිවෙන බලපෑම එදා තරම්ම අදත් දරුණුයි. කාන්තාවක් විසින් මේ ඉරොටිකාව ලිව්වා කියන එක ඊටත් වඩා ඓතිහාසිකයි. ඕරි කියන්නෙ සෙක්ස්වල බලය හොඳටම දන්න ගැහැනියක්. පෙනුමෙන් ඉතාම චාම්, කිසිදාක ආභරන නොපලඳින, විනීත පැවතුම් ඇති මේ ගැහැනිය, මවක් දියනියක් හැටියට හිඳිමින්ම මිනිස් සන්තානයේ අඳුරු ගැඹුරු නොදැමුනු ආශාවන් එලියට අදින හැටි විශ්මයජනකයි.

කැමතිනම් පොත හොයන් කියවන්න..සිංහල පරිවර්තනයක් නම් නැහැ දන්න තරමට..නමුත් සරල ඉංග්‍රීසියෙන් ලියවුන Story Of O කියවන්න එතරම් අපහසු වෙන එකක් නැහැ..කැමතිනම් අපේ Telegram සමූහයෙන් පොතේ PDF ඉල්ලගන්නත් පුලුවන්..ඒවගේම Story Of O චිත්‍රපට කීපයකුත් ඇවිත් තියනවා..ඒවයෙ Link අවශ්‍ය කෙනෙකුට Telegram සමූහයෙන් ඒවත් ඉල්ලගන්න පුලුවන්..

Kent Nelson

ලියන කියවන සංසදය

නවතම ලිපි

Entertainment

රන්ජනී !!!